Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය

Просмотров: 5, 227   |   Загружено: 1 год.
iconПодробнее о видео
කරණීය මෙත්ත සූත්‍රය(මෙත්ත සූත්‍රය) බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්‍රකටය. තුන් සූත්‍රය ලෙස මහා මංගල සහ රතන සූත්‍ර සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි අංගයක් වන මෙත්ත සූත්‍රය එහි අර්ථයත් සමග පළ කිරීමට අදහස් කරමි. මේ සූත්‍ර දේශනාව කුඩා කල පටන් අසන අප එහි  අරුතද දැන සිටීම වටින්නේය. මෙය පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරැණිම මුඛ දේශනා අතුලත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.

දෙවියන් ඉතා ප්‍රිය පිරිතක්‌ වන මෙම බලසම්පන්න කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කරන තැනැත්තා දෙවියන්ට ප්‍රියවේ. තමන් වෙත එල්ල වන ඕනෑම උපද්‍රවයකදී දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබේ. අමනුෂ්‍ය බිය සතුරු උපද්‍රව නැති වේ. මනුෂ්‍යයන්ට ප්‍රිය වේ. යන එන සෑම තැන ගරු සැළකිලි හිමි වේ. අර්ථය නිසි ලෙස වටහා ගෙන මෛත්‍රි සහගත සිතින් යුතුව දිනපතා භාවිතය තුළින් ඔබට සියලු දුක්‌ කරදර රෝග පීඩාවන්ගෙන් මිදී සතුටින් සහනයෙන් දිවි ගෙවීමේ හැකියාව උදාවනු ඇත.

Похожие видео


    © 2020 Популярные видеоролики!
Политика конфиденциальности | Правообладателям | Обращение к пользователям
E-mail: videohelp online contact